singapore main

බිම් අඟලක් නැති සිංගප්පුරුවේ වගා විප්ලවය

සිංගප්පූරුව යනු ලංකාවට වඩා බොහෝ කුඩා රටකි. කෘෂිකර්මාන්තයට අවශ්‍ය අවම සම්පත් හෝ ඒ රට තුළ බෙහෙවින් විරලය. එසේ වුවද එරට ආහාර සුරක්ෂිතතා අගය ලංකාවට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක තිබේ. එසේ තිබියදී ඔවුන් තව දුරටත් දේශීය වශයෙන් ආහාර නිපදවා ගැනීමේ වැඩපිළිවෙළකට පසුගිය කාලයේ අවතීර්ණ වූ අතර, එය ශ්‍රී ලංකාවේ අප විසින්ද සැලකිල්ලට ගත යුතු වැදගත් කාරණයකි. මේ ලිපිය ඒ පිළිබඳ විමසා බැලෙන්නකි.
රටක ආහාර සුරක්ෂිතතාව යනු ඒ රටේ ජනතාවට භේදවලින් තොරව, දැරිය හැකි පිරිවැයක් මත, පෝෂ්‍ය ගුණයෙන් හා සෞඛ්‍යාරක්ෂිත බවින් යුත් ආහාර සපයා ගැනීමේ හැකියාව ලෙස සරලව අර්ථ ගැන්විය හැකිය.
ලෝක ආහාර සුරක්ෂිතතා දර්ශකය යනු රටක ආහාර සුරක්ෂිතතා අගය සංඛ්‍යාත්මකව පිළිබිඹු කෙරෙන ජාත්‍යන්තර දර්ශකයකි. මෙය සැකසීමේදී ආහාරවල ගුණාත්මක බව, දැරිය හැකි බව, සෞඛ්‍යාරක්ෂිත බව ආදී කරුණු රාශියක් සැලකිල්ලට ගැනේ.
2021 වසරේ ලෝක ආහාර සුරක්ෂිතතා දර්ශකයේ රටවල් 113ක් අතරින් ලංකාවට හිමිව ඇත්තේ 77 වැනි ස්ථානය වන අතර මෙය සැලකිය යුතු තරමේ පහත අගයකි.
අයර්ලන්තය, ඔස්ටි්‍රයාව, එක්සත් රාජධානිය, ෆින්ලන්තය, ස්විස්ටර්ලන්තය, නෙදර්ලන්තය, කැනඩාව, ජපානය, ප්‍රංශය, ඇමරිකාව යන රටවල් මේ දර්ශකයේ ඉහළම ස්ථාන 10 හිමිකරගෙන ඇත.


ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය සමග මතුවූ ආර්ථික අර්බුදයට පෙර ආහාර ආනයනය සඳහා රටේ සමස්ත ආනයන වියදමින් 8% – 10%ක් අතර ප්‍රමාණයක් වාර්ෂිකව වැය කළ අතර, ඒ ගෙන්වන ආහාර පවා සැලකිය යුතු ප්‍රමාණයක් රට තුළම නිපදවා ගත හැකි වීම විශේෂත්වයකි.
තමන්ට අවශ්‍ය ආහාර හැකිතාක් තමන්ගේ රට තුළ නිපදවා ගත හැකි වීම රටකට සොබාදහමින් හිමි වන දුර්ලභ ත්‍යාගයකි. එහි වැදගත්කම විශේෂයෙන් කැපී පෙනෙනුයේ සාගත, වසංගත, යුද්ධ, ආර්ථික අර්බුද වැනි ව්‍යසනකාරී අවස්ථාවලදීය.
සිංගප්පූරුව පසුගිය කොවිඩ් වසංගතයෙන් පසු දේශීයව ආහාර නිපදවා ගැනීමේ නව වැඩපිළිවෙළකට අවතීර්ණ විය. 30 ඉහ 30 යනුවෙන් හඳුන්වා ඇති මේ වැඩපිළිවෙළෙහි ඉලක්කය වන්නේ වර්ෂ 2030 වන විට රටේ ආහාර අවශ්‍යතාවයෙන් සීයට 30ක් රට තුළම නිපදවා ගැනීමය. ඔවුන් මේ ඉලක්කය කරා යාමට අපේක්ෂා කර ඇත්තේ කෘෂිකර්මාන්තය සඳහා අවශ්‍ය භූමිය වැනි අවම සාධක හෝ ඒ රට තුළ නැති තත්ත්වයක් යටතේ බොහෝ අභියෝගවලට මුහුණ දෙමිනි.
ඒ අනුව සිංගප්පූරුව මේ ඉඩම් අර්බුදයට විසඳුමක් ලෙස ඪැරඑසජ්ක ත්‍්රපසබටල ත්‍කද්එසබට ත්‍්රපසබට වැනි උපක්‍රම අනුගමනය කරමින් සිරස් පෘෂ්ඨයන් හා ජලය මතුපිට පාවෙන වගාවන් ආදිය සුලබව එරට තුළ ව්‍යාප්ත කර තිබීම ආස්වාදනීය අත්දැකීමකි.
ඇත්තෙන්ම මෙය කොවිඩ් වසංගතය නිසාම හදිසියේ ගත් තීරණයක් නොව වසර කීපයකට පෙර සිට අධ්‍යයනය කරමින් සිටි දෙයකි. වසංගතය සමග ආහාර සුරක්ෂිතතාවේ වැදගත්කම වැඩි වශයෙන් අවධාරණව වීම ඒ මෙහෙයුම ඉක්මන් කරන්නට ඇත.
එහෙත් කෘෂිකර්මාන්තය සඳහා ඉහළම විභවයක් ඇති ශ්‍රී ලංකාව පාලනය කරනුයේ පිටරටින් අඩු මුදලට ගෙන ආ හැකි ආහාර දේශීයව නිපදවීම අපරාධයක් ලෙස සලකන බලධාරීන් විසිනි. කාලයක් තිස්සේ ඔවුන්ගේ ක්‍රමවේදය වූයේම දේශීය ගොවියා අර්බුදයට යවමින් පිටරට නිෂ්පාදන ආනයනය කිරීම වන අතර, තාවකාලික මතුපිටින් පෙනෙන ලාභයෙන් ඔබ්බට ගොස් එහි ඇති ප්‍රතිපත්තිමය ගැටලුව ගැන ලංකාවේ බොහෝ දෙනාට අවබෝධයක් නැත.
සිංගප්පූරුවටද බොහෝ දුෂ්කරතා මැද අමුතු ක්‍රමවලට තමන්ගේ රටේ වගා කරනවාට වඩා අඩු මිලට ඒ ආහාර ද්‍රව්‍ය පිටරටින් ආනයනය කළ හැකිය. එහෙත් ඔවුන් ඒ තීරණය වෙනුවට කෙසේ හෝ තමන්ගේ රට තුළ හැකි තරමක් ආහාර නිපදවා ගැනීමේ තීරණයකට එළැඹ තිබේ.
සිංගප්පූරුව ලංකාවට වඩා බොහෝ කුඩා රටකි. කෘෂිකර්මාන්තයට අවශ්‍ය අවම සම්පත් හෝ ඒ රට තුළ බෙහෙවින් විරලය. එසේ වුවද එරට ආහාර සුරක්ෂිතතා අගය ලංකාවට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පැවතීමත්, එසේ තිබියදී ඔවුන් තව දුරටත් දේශීය වශයෙන් ආහාර නිපදවා ගැනීමට යොමුවීමත්, අප බෙහෙවින් සැලකිල්ලට ගත යුතු ප්‍රතිපත්තිමය කාරණා නොවේද?

නැගී එන ලෝක ආර්ථික බලවතා වන චීනයට මේ ලැයිස්තුවේ 34 වැනි ස්ථානය හිමිව ඇති අතර, රුසියාවට හා ඉන්දියාවට පිළිවෙළින් 23 හා 71 වෙනි ස්ථාන හිමිවී තිබේ.
ශ්‍රී ලංකාව වැනි රටකට මේ දර්ශකයේ පහළ තැනක් හිමිව තිබීම ඛේදජනක තත්ත්වයක් වන අතර, මොරොක්කෝව, ටියුනීසියාව, මාලි, හොන්ඩුරාස්, බොස්ට්වානා, නිකරගුවා, පැනමා වැනි රටවල්ද මේ ලැයිස්තුවේ ඇත්තේ ලංකාවට ඉහළිනි.
විශේෂිතම කාරණය වන්නේ ආහාර අවශ්‍යතාවෙන් 13%ක් පමණක් තම රට තුළ නිපදවා ගන්නා, කෘෂිකර්මාන්තය ඉතා සුළු ප්‍රමාණයෙන් පවතින, සිංගප්පූරුව වැනි රටක් මේ ලැයිස්තුවේ 15 වැනි ස්ථානය හිමි කරගන්නා විට, ලී දණ්ඩක් වීසිකළද පැළවෙන ලංකාව එහි 77 වැනි ස්ථානයට පල්ලම් බැස තිබීමය.

ඉසුරු ප්‍රසංග

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top