වර්තමානයේ අප භාවිත කරන ටයිල් මෙන් ක්‍රමවත්ව සුමට කරන ලද මතුපිටක් සහිත බිම් ඇතුරුම් පාෂාණ ඵලක ස්ථරයක් සිංහරාජ වනාන්තරයට අයත් පාලින්දනුවරල රූණකන්ද වනයේල රුසිගල කඳු ප්‍රදේශයේ පිහිටි කැබැල්ල ගල්ලෙනෙන් හමු වී තිබේ.
කාබන් කාල නිර්ණයන්ට අනුව මේ පාෂාණ ඵලක වසර 13,000ක් තරම් ඉපැරණි ප්රාග් ඓතිහාසික යුගයට අයත් බව තහවුරු වී ඇත.
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය සහ චීනයේ සිචුආන් විශ්වවිද්‍යාලය ඒකාබද්ධව මේ පර්යේෂණ කටයුතු සිදු කරනු ලැබූ අතරල එහිදී කැණීම් කළමනාකරු ලෙස ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය පාහියංගල සුමංගල හිමියන් කටයුතු කොට තිබේ.

කැණීමේදී හමු වූ ඊතල තුඩු ඇතුළු ගල් ආයුධ සම්භාරය මෙන්ම බිම් ඇතුරුම් පාෂාණ ස්තරයේ දක්නට ලැබෙන කඩතොලු ආදිය හේතුවෙන් මෙය පැරණි ගල් ආයුධ තැනූ ස්ථානයක් විය හැකි බව සුමංගල හිමියෝ පෙන්වා දෙති.
මේ කැණීමේදී මුහුදු බෙලිකටු සහ මෝර දත් රැසක්ද හමු වී ඇති අතරල ඒ බෙලිකටු සහ මෝර දත්වල මැද දක්නට ලැබෙන සිදුරු හේතුවෙන් ඒවා මාල පෙති :පෙන්ඩන්ට්* ලෙස පැලඳීමට භාවිත කර ඇති බවත්ල මේ අනුව මෙහි විසූ ආදි මානවයන් සාගර ප්‍රදේශ ආශ්‍රිතවද කටයුතු කර ඇති බවත් නිගමනය කළ හැකි යැයි උන් වහන්සේ වැඩිදුරටත් පැවසූහ.
කැණීමේදී හමු වූ නියදි අමෙරිකාවේ බීටා ආයතනයට යොමු කර සී 14 කාල නිර්ණය කටයුතු සිදු කර ඇති අතරල පර්යේෂණය පිළිබඳ පූර්ණ වාර්තාව එංගලන්තයේ පළ වනල ලොව විශිෂ්ටතම විද්‍යා ප්රකාශනයක් ‘ක්වාටර්නරි සයන්ස් රිවීව්ස්’(Quaternary Science reviews) සඟරාවේ ජනවාරි 21 කලාපයේ පළ කරනු ලැබීය.
ශ්‍රී ලංකාවේ ලිඛිත ඉතිහාසයට පෙර යුගය පිළිබද මේ ආකාරයට නොයෙක් පුරාවිද්‍යාත්මක සාධක හමු වී තිබුණද ශ්‍රී ලංකාවේ පිහිටි එකම ප්‍රාථමික වැසි වනාන්තරය වන සිංහරාජය ආශ්‍රිතව වසර 13ල000ක් තරම් ඉපැරණි ප්රාග් ඓතිහාසික මානව සාධක හමු වූ ප්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.
(සිළුමිණ පුවත්පතට ජයත් පියදසුන් විසින් සැපයූ වාර්තාවක් ඇසුරිනි)



