සාහිත යතුර කියන්නේ 10 සහ 11 ශ්‍රේණිවල සිංහල සාහිත්‍ය පාඩම්වලට අදාළව ඉතාම විධිමත්ව සකස් කළ නිබන්ධන මාලාවක්.
සා.පෙළ සාහිත්‍ය පාඩම් 16ට අදාළ නිබන්ධන 16ක්, කෙටි ප්‍රශ්න සහ සාහිත්‍ය විචාරයට අදාළ නිබන්ධන දෙකක් වශයෙන් නිබන්ධන 18ක් මෙයට අයත් වෙනවා.
මෙය ප්‍රවීණ ලේඛකයෙකු හා උපාධිධාරි ගුරු භවතකු වන ඉසුරු ප්‍රසංග විසින් සම්පාදනය කරන ලද්දක්.
සියලු සාහිත්‍ය පාඩම්වල මූලික විස්තර, සියලුම අමාරු වචනවල තේරුම, සියලුම කවිවල තේරුම සහ අර්ථ විවරණය, නිවැරදිව විචාරයක් ලියන ආකාරය, විචාර ලිවීමේ දී වැදගත් වන කරුණු හා උද්ධෘත, පසුගිය සාමාන්‍ය පෙළ විචාර ප්‍රශ්න සහ ආදර්ශ විචාර ඇතුළු විචාර ප්‍රශ්න 160ක්, ආදර්ශ විචාර පිළිතුරු 33ක්, කෙටි ප්‍රශ්න 125ක් සහ පිළිතුරු, සාහිත්‍ය විචාරයට අදාළ සියලුම යෙදුම්වල අර්ථය මේ නිබන්ධනවල ඇතුළත් වෙනවා.
ඒෆෝ ප්‍රමාණයේ පිටු 220කින් යුත් මේ නිබන්ධන 18 තුළ ඉහත කී සියලු ම කරුණු ඉතාම සරලව, කෙටියෙන්, පැහැදිලිව ගොනු කොට තිබෙනවා. නිබන්ධන වෙන වෙනම ඇති බැවින් ඔබට අවශ්‍ය අවස්ථාවල අවශ්‍ය නිබන්ධන පමණක් ප්‍රින්ට් අවුට් ලබාගැනීමට පුළුවන්.
සිසුන්ට තනි ව හෝ කියවා අවබෝධ කරගත හැකි ආකාරයට සකසා ඇති මේ නිබන්ධන මාලාව ගුරු භවතුන්ට පහසුවෙන් ඉගැන්වීමට අත්වැලක්. දැනටමත් බොහෝ පාසල් හා උපකාරක පන්තිවල ගුරු භවතුන් විශාල පිරිසක් මේ නිබන්ධන මාලාව මිල දී ගෙන තිබෙනවා.
සාහිත්‍ය පාඩම්වල අමාරු වචන හා යෙදුම් විශාල ප්‍රමාණයක් ඇතුළත් වුවත් ඒ බොහොමයක අර්ථය පෙළ පොතේ දක්වා නැහැ. උදාහරණයක් ලෙස ‘සතර කන් මන්ත්‍රණය’ පාඩම සඳහා පෙළ පොතේ අමාරු වචනවල තේරුම දක්වා ඇත්තේ වචන 71ක් සඳහා පමණයි. ඒත් අපගේ ‘සතර කන් මන්ත්‍රණය’ නිබන්ධනය තුළ වචන හා යෙදුම් 400කට වැඩි ප්‍රමාණයක අර්ථය සපයා තිබෙනවා.
‘ලෙන අතහැර යාම’ පාඩමේ අමාරු වචන විශාල ප්‍රමාණයක් තිබුණත් ඒ කිසිවක අර්ථය පෙළ පොතේ දක්වා නැහැ. ඒත් මේ අප විසින් සැකසූ නිබන්ධනය තුළ ‘ලෙන අතහැර යාම’ නිබන්ධනයේ අමාරු වචන හා යෙදුම් 120කට වැඩි ප්‍රමාණයක තේරුම සහිතව මුළු පාඩම සඳහා ම ලිහිල් බසින් අර්ථ විවරණයක් සපයා තිබෙනවා. සෙසු සියලු පාඩම්වලටත් එය අදාළයි.
මීළඟට කවිවල ඇති අමාරු වචන හා කවිවල අර්ථය පිළිබඳ පෙළ පොතේ කරුණු දක්වා ඇත්තේ ගුත්තිලය, කෑරගලය සහ මඟ විසිතුරු යන පාඩම් තුන සඳහා පමණයි. එහෙත් මේ නිබන්ධන මාලාව තුළ එම පාඩම්වලට අමතරව, හානා හීය, මුනි සිරිපා, ගංගාවේ සංගීතය, කුරහන් ඉසිමුව, දෑතේ කරගැට, වස්සානය යන සියලුම කවි පන්තිවල අමාරු වචනවල තේරුම සහ ඒවායේ අර්ථය මනාව විස්තර කොට තිබෙනවා.
මීළඟට බොහෝ සිසුන්ට දුෂ්කර කටයුත්තක් වන විචාර ලිවීම නිවැරදිව සිදු කරන ආකාරය සහ විචාර ලිවීමට අවශ්‍ය වන උදාහරණ හා උද්ධෘත සියල්ලම මෙහි දක්වා ඇති බැවින් එය සිසුන්ට විචාර ලිවීම සඳහා විශාල පහසුවක්.
ඒ වගේම සියලුම පසුගිය සාමාන්‍ය පෙළ විභාග ප්‍රශ්න සහ ආදර්ශ විචාර ප්‍රශ්න ඇතුළු විචාර ප්‍රශ්න 160ක් මේ නිබන්ධනවල ඇතුළත්. ඒ අතරින් සෑම පාඩමක්ම නියෝජනය වන පරිදි විචාර පිළිතුරු 33ක් මේ නිබන්ධනවල ඇතුළත් වන බැවින් නිවැරදිව විචාරයක් ලියන ආකාරය හුරු වීමට එය බෙහෙවින් වැදගත්.
මීළඟට සාමාන්‍ය පෙළ විභාගයේ සිංහල ප්‍රශ්න පත්‍රයට ලැබෙන ලකුණු 100න් ලකුණු 20ක්ම හිමි වන්නේ සාහිත්‍ය කෙටි ප්‍රශ්න සඳහායි. අප විසින් කෙටි ප්‍රශ්න සඳහා සකසා ඇති අමතර නිබන්ධනයේ කෙටි ප්‍රශ්නවලට අදාළ සියලුම කරුණු පිටු 4ක් තුළ සාරාංශ කොට දක්වා තිබෙනවා. ඒ වගේම ඊට අදාළ කෙටි ප්‍රශ්න 125ක් සහ පිළිතුරු මෙහි ඇතුළත් වෙනවා. දුර්වල සිසුන්ට වුණත් මේ කෙටි ප්‍රශ්නවලට පිළිතුරු ලිවීමට හුරු වීම පහසුවෙන් විභාගය සමත් විය හැකි ක්‍රමයක්.
මේ නිබන්ධනවල පිටු 15ක ඡායාරූප පහත ඇතුළත් කර ඇති බැවින් නිබන්ධන මාලාව පිළිබඳ අදහසක් ලබා ගැනීමට එය ඉතා වැදගත්.
මේ වටිනා නිබන්ධන මාලාව පීඩීඑෆ් පිටපත් ලෙස ගෙන්වා ගැනීමට එක් ශ්‍රේණියක් සඳහා ඔබ වැය කළ යුත්තේ රුපියල් හයසියයක මුදලක් පමණයි. ශ්‍රේණි දෙකේම නිබන්ධනවල මිල රුපියල් 1200ක්. ඔබට 10 හා 11 ශ්‍රේණි දෙකේ නිබන්ධන එකවර හෝ දෙවතාවකට මිලදී ගැනීමට පුළුවන්.
මේ සඳහා ඔබ කළ යුත්තේ ඔබට අවශ්‍ය නිබන්ධන මාලාව සඳහන් කොට 0775 535121 අංකයට වට්ස්ඇප් පණිවිඩයක් එවීම පමණයි. අදාළ මුදල බැර කළ පසු එම නිබන්ධන බාගත කර ගත හැකි ලින්ක් එකක් අප ඔබට ලබාදෙනවා.
මේ නිබන්ධන මාලාව පීඩීඑෆ් වශයෙන් ඔබ වෙත ලබාදෙන නිසා එක් අයෙක් මිලට ගන්නා නිබන්ධන මාලාව තව සිය ගණනකට හෝ මුද්‍රණය කොට ලබාදීමට ඔබට හැකියාව තිබෙනවා. එය මුද්‍රණය කළ පිටපතක් මිලදී ගැනීමේදී ඔබට නොලැබෙන විශේෂ වාසියක්.
එසේ වුවත් ඔබට ඉතා සහන මිලකට ලබාදෙන මේ නිබන්ධන හෝ ඒවා ලබාගැනීමට අදාළ ලින්ක් සමාජ මාධ්‍යවල, වට්ස්ඇප් ගෲප් ආදියේ ෂෙයා නොකිරීමට කාරුණික වන ලෙසත්, විශාල ශ්‍රමයක් වැය කොට සකසන ලද මෙම නිබන්ධනවල කර්තෘ අයිතිය සුරකින ලෙසත් ඉල්ලා සිටින අතර ඔබ ඒ ඉල්ලීමට ගරු කරනු ඇතැයි සිතනවා.
ඒ වගේම සාමාන්‍ය පෙළ ව්‍යාකරණ සඳහා අප විසින් සැකසූ වියරණ යතුර කෘතියත් ඔබට කෑෂ් ඔන් ඩිලිවරි ක්‍රමයට ගෙන්වා ගැනීමට පුළුවන්. ඒ සඳහා ඔබට වැය වන්නේ රුපියල් 750ක මුදලක් පමණයි.















