පුරාණ ශ්‍රී ලංකාවේ වරායන් ගැන දන්නවාද?

වරාය යනු අද මෙරට දේශපාලනයේ නිතර ඇසෙන වචනයකි. වරායන් යනු ලංකාවේ ආර්ථිකයට හෝ දේශපාලනයට අතීතයේ සිටම ආගන්තුක වූ දෙයක් නොවේ.

පෙරදිග අපරදිග යා කරන මුහුදු මාර්ගයේ සුවිශේෂී සන්ධිස්ථානයක ලංකාව පිහිටා තිබීම ඇතුළු විවිධ සාධක හේතුවෙන් ක්‍රිස්තු පූර්ව සියවස්වල සිටම මේ කුඩා දූපත මහා බාහිර ලෝකයට විවෘත වූ රාජ්‍යයක්ව පැවතිණි. එතැනින් නොනැවතී එය පෙරදිග අපරදිග යා කෙරෙන වැදගත් හුවමාරු මධ්‍යස්ථානයක්ද විය.

දෙස් විදෙස් ලේඛකයන් විසින් රචිත විවිධ ග්‍රන්ථ, සංචාර සටහන්, සාහිත්‍ය කෘති, සන්දේශ කාව්‍ය, වංශ කතා, ඉතිහාස පොත්, ශිලා ලේඛන ආදිය පුරාණ ලංකාවේ වරායන් ගැන කරුණු හෙළි වන මූලාශ්‍ර වෙයි. වරායන් පිළිබඳ ඉතිහාසයේ බොහෝ දැෑ ලියැවී ඇති අතර, පුරාවිද්‍යාත්මක සාක්ෂි මඟින්ද ඒ කරුණු බොහොමයක් සනාථ වී තිබේ.

මේ අනුව පුරාණ ලංකාවේ වෙරළ තීරය වටා තිබූ බව පැවසෙන වරායන්ද ගණනාවකි.

මීට අමතරව සක්කරසොබ්බ, හල්ලතිත්ථ, ගෝතමතිත්ථ, මත්තිකාවාටතිත්ථ ආදී ලෙස පැවති ස්ථානය හඳුනාගත නොහැකි වරාය කීපයක්ද තිබේ.

විවිධ කාලවලට අයත් මේ වරායන් අතර තිබෙන අලුත්ම වරාය වුවද සියවස් කීපයක් පැරණි විය යුතුමය. ඇතැම් වරායන්ගේ ඉතිහාසය ක්‍රිස්තු වර්ෂයට ඉහත සියවස් කීපයක් කරාම ඈතට දිවෙයි.

මේ දළ ඉතිහාස සටහනේ වර්තමාන වැදගත්කම කුමක්ද?

වරායන් පිළිබඳ මේ ඉතිහාස තොරතුරුවලින් පෙනී යන කාරණය වනුයේ ශ්‍රී ලංකාවේ සුවිශේෂී පිහිටීම නිසාම එය අතීතයේ සිටම විවිධ ජාතීන් ගොඩබට හා පෙරදිග අපරදිග යා කළ හුවමාරු මධ්‍යස්ථානයක් වශයෙන් පැවති බවය. මේ ඓතිහාසික සත්‍යයය වනාහී ලංකාව තම නූතන සංවර්ධන ඉලක්ක කරා යාමේදී කිසිසේත්ම නොසලකා හළ හැක්කක් නොවේ. ස්වභාවික පිහිටීම ඔස්සේ අපට ලැබුණු මේ දායාදය නූතන ආර්ථික උපාය මාර්ගික සිතියම තුළ දැනුවත්ව හා සැලකිල්ලෙන් කළමනාකරණය කළ යුත්තක් නොවේද?

  • ඉසුරු ප්‍රසංග

 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top