දෙමළ බෙදුම්වාදය අතීතයේ සිටම ක්‍රියාත්මක වූයේ ව්‍යාජත්වය, ප්‍රෝඩාව ආත්මය කර ගනිමිනි.
උතුරු නැගෙනහිර ප්‍රදේශවල ඇති ඓතිහාසික බෞද්ධ සිද්ධස්ථාන, පුරාවිද්‍යාත්මක නටඹුන් ආදිය විවිධ ක්‍රමවේද හරහා විකෘති කොට, විනාශ කොට ඒවා ඉතිහාසයෙන් අකා මකා දැමීමේ මෙහෙයුම ජාතිවාදීන් විසින් දියත් කොට ඇත්තේ බොහෝ කාලයක සිටය.
බෙදුම්වාදීන්ගේ ඊනියා දෙමළ නිජබිම් සංකල්පය හිස් ප්‍රලාපයක් බවට පත් කර ඇති මේ ඓතිහාසික සාධක කෙරේ ඔවුන් තුළ විශාල විරෝධයක් පැවතීම පුදුමයක් නොවේ.
එල්ලාවල මේධානන්ද හිමියන් විසින් රචිත, දයාවංශ ජයකොඩි සමාගම විසින් ප්‍රකාශිත පාචීන පස්ස – උත්තර පස්ස උතුරු නැගෙනහිර සිංහල බෞද්ධ උරුමය කෘතිය ගැන අප වෙසෙසින් අවධානය යොමු කළ යුත්තේ මේ පසුබිම තුළය.
ඡායාරූපද සහිත පිටු 536කින් යුත් මේ මාහැඟි ග්‍රන්ථයේ ඇතුළත් වන්නේ වසර තිස් පහකට වැඩි කාලයක් පුරා බුද්ධ පුත්‍රයෙකු විසින් උතුරු නැගෙනහිර බෞද්ධ උරුමය සොයා යමින් කළ අතිශය දුෂ්කර ගවේෂණයක් පිළිබඳ දැවැන්ත තොරතුරු එකතුවකි.

2003 දී ප්‍රකාශයට පත්ව රාජ්‍ය සම්මාන ලැබ ඇති මේ කෘතිය තුළ 60 දශකය මැද භාගයේ සිට මේධානන්ද හිමියන් විසින් සිදු කළ ගවේෂණවල තොරතුරු ඇතුළත් වේ.
නැගෙනහිර පළාත, උතුරු පළාත හා මන්නාරම් දිස්ත්‍රික්කයේ ඇති ඓතිහාසික බෞද්ධ විහාරස්ථාන, පුරාවිද්‍යාත්මක නටඹුන්, සෙල් ලිපි, ටැම් ලිපි, පුරාණ වැව්වල සිංහල නම් සිය ගණනක් පිළිබඳ තොරතුරු මේ කෘතියේ සංගෘහිත කර ඇත.
මේධානන්ද හිමියන් පෙන්වා දෙන පරිදි මේ දෙපළාත තුළ ඇති ඓතිහාසික ස්ථාන ප්‍රමාණය දසදහසකට වැඩිය.
ඒ අනුව අප රටේ ඓතිහාසික උරුමයන් වනසමින් දියත් වන ජාතිවාදී මෙහෙයුමට එරෙහි සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සෑම ලාංකිකයෙකුම මේ පොත කියැවීම වැදගත්ය.
එහි හුදු ශාස්ත්‍රීය ලේඛනයකට වඩා බෙහෙවින් ඉහළ වටිනාකමක් මෙහි තිබේ. ඒ ජාතික හා ජාත්‍යන්තර බලවේගවල දැවැන්ත ශක්තිය සමග ක්‍රියාත්මක වන බෙදුම්වාදී ජාතිවාදයට එරෙහිව බුද්ධපුත්‍රයෙකු විසින් තනිව දියත් කළ අභීත සටනක සටහන් මේ කෘතියේ ගැබ් වන බැවිනි.
එය හුදු සිංහල බෞද්ධයන් වෙනුවෙන් කළ සටනක් නොව සමාජ සාධාරණත්වය වෙනුවෙන් කළ සටනකි. ජාතිවාදයට එරෙහිව සිංහල, දෙමළ, මුස්ලිම් සියල්ලන්ගේ ජාතික උරුමය හා ජාතික සමගිය වෙනුවෙන් කළ සටනකි.
මේ කෘතියේ එක් තැනක මේධානන්ද හිමියෝ මෙසේ සඳහන් කරති.
අඩු තරමේ මගේ පුස්තකාලයේ පොත් ටිකවත් නිසි ලෙස තබා ගැනීමට තරම් කිසි යම් ගොඩනගා ගැනීමක්වත් මට කළ නොහැකි විය. පුද්ගලයෙකු වශයෙන් මේ අතින් මා තවමත් සිටින්නේ බිංදුවේය. එහෙත් මම මහත් සතුටක් භුක්ති විඳිමි. ඒ නිරාමිස ප්‍රීතියකි.

ඒ උන්වහන්සේගේ ජීවන පැවැත්මයි. එහෙත් එවැනි භික්ෂූන් සමාජ අවධානයට නතු නොවේ. ඒ වෙනුවට අද සමාජ මාධ්‍ය කලඹවනු ලබන්නේ දුශ්ශීල භික්ෂූන් සුළු පිරිසකගේ ඇතැම් ක්‍රියාකාරකම් විසිනි.
ඒ ඔස්සේ භික්ෂූත්වයේ වටිනාකම පිරිහෙමින් පවතින කාලයක මේධානන්ද හිමියන් වැනි නිස්සරණාධ්‍යාශයෙන් අනෙකාගේ හිත සුව පිණිස කැපවූ බුද්ධ පුත්‍රයන් ගැන බොහෝ දෙනාට අමතකව තිබීම ඛේදවාචකයක් නොවේද?
- ඉසුරු ප්‍රසංග



