ජීවිත කාලයටම එකම සිතුවමක් පමණක් අලෙවි වූ ලෝක පූජිත සිත්තරා

👉 මේ ලෝක කලා ඉතිහාසය තුළ අපට හමුවන අතිශය සුවිශේෂී සිතුවමකි.

👉 ලෝක ප්රකට චිත්ර ශිල්පියෙකුට තම ජීවිත කාලය තුළ විකුණා ගත හැකි වූ එකම සිතුවම මෙය පමණක් යැයි කිවතොත් බොහෝ දෙනා එය පිළිගැනීමට පවා මැලි වනු ඇත.

👉 ඊටත් වඩා විශේෂ කාරණය වන්නේ මේ සිතුවම අලෙවි වී මාස කීපයකට පසු අදාළ සිත්තරා වෙඩි තබාගෙන සියදිවි හානි කර ගැනීමය.

👉 එය ඉතිහාසයේ බිහිවූ විශිෂ්ට කලාකරුවෙකුගේ දෛවෝපගත ඉරණම හා බැඳුණු ඛේදනීය කතා පුවතකි.

👉 1853 වසරේ නෙදර්ලන්තයේ උපන් වින්ස්ටන් වැන්ගෝ නම් මේ සුවිශේෂී චිත්ර ශිල්පියා සිය 37 වසරක කෙටි ජීවිත කාලය තුළ ඉතා වටිනා සිතුවම් 2000කට වැඩි ප්රමාණයක් නිර්මාණය කළේය.

👉 එසේ වුවද ඔහුගේ ජීවිත කාලය තුළ මේ නිර්මාණවලට කිසිදු ආකාරයක ප්රමාණවත් තරමේ ජනප්රියත්වයක්, විචාරක ඇගයීමක් හෝ වෙළෙඳ වටිනාකමක් නොලැබුණි.

👉 ඔහු තම ජීවිත කාලයම ගෙවා දැමුවේ විරැකියාව, අන්ත දරිද්රතාවය, මානසික සෞඛ්ය ගැටලු ආදී දුක් පීඩාවන් කන්දරාවක් මධ්යයේය.

👉 1890 වසරේ ජනවාරි මාසයේදී බෙල්ජියමේ පැවති ප්රදර්ශනයකදී ඔහුගේ The Red Vineyard නමැති මේ සිතුවම ෆෑන්ක් 400ක විශාල මුදලකට අලෙවි විය.

👉 එය වැන්ගෝගේ ජීවිත කාලය තුළ අලෙවි වූ එකම සිතුවම ලෙස සැලකෙයි.

👉 ඒ සිතුවම අලෙවි වී මාස කීපයකට පසු එනම් 1890 වසරේ ජූලි 29 වැනිදා ඔහු රිවෝල්වරයකින් වෙඩි තබාගෙන සිය දිවි හානි කරගත්තේය. මානසික ගැටලු නිසා ඔහු මේ අයුරින් සිය දිවි නසා ගනු ලැබූයේ වයස අවුරුදු 37ක් තරම් ළාබාල කාලයකදීය.

👉 ඔහුගේ මරණින් පසු ගතවූ සියවසකට වැඩි කාලය තුළ ඔහුගේ සිතුවම් ලෝක පරිමාණව ඉතා ඉහළින් ඇගයීමට, ජනප්රියත්වයට හා විචාරක පැසසුමට පාත්ර විය.

👉 එහෙත් ලෝකය ඔහුගේ සිතුවම් කලාව සාදරයෙන් වැළඳගන්නා කාලය වන විට වැන්ගෝ තම ජීවිතය හැර ගොස් හමාරය.

👉 ඔහුගේ නිර්මාණවලට ලැබෙන ඉහළ ඇගයීම් පිළිබඳ කිසිවක් සියැසින් දැකබලා ගන්නට තරම් ඔහු වාසනාවන්තයෙක් නොවීය.

👉 1890 දී බෙල්ජියම් ජාතික කාන්තාවක වූ Anna Boch විසින් මිල දී ගන්නා ලද The Red Vineyard නම් මේ සිතුවම අද රුසියාවේ පුෂ්කින් කෞතුකාගාරයේ තැන්පත් කර තිබේ.

👉 මෙහි දැක්වෙන 1873 වසරේ ගත් තරුණ වැන්ගෝගේ ඡායාරූපය ඔහුගේ යැයි විශ්වාසදායක ලෙස හඳුනාගත හැකි එකම ඡායාරූපය ලෙස සැලකෙන අතර, එය ලබාගන්නා කාලයේදී ඔහුගේ වයස අවුරුදු 19ක් බව සැලකේ.

👉 මෙය වනාහී තම ජීවිත කාලය තුළ ප්රමාණවත් වටිනාකමක් හිමි නොවූ දහසකුත් එකක් විශිෂ්ට මිනිසුන් පිළිබඳ මානව ඉතිහාසයට එක් වූ තවත් එක් ශෝචනීය කතා පුවතක් පමණි.

👉 කීර්තිය, ජනප්රියත්වය, මුදල් ආදිය පුද්ගලයෙකුගේ සාර්ථකත්වයේ එකම මිණුම් දඩු නොවන බව මේ කතාව අපට නැවත පෙන්වා දෙයි.

ඉසුරු ප්රසංග

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top